Latest Entries »

X-Fighter Jams

ඔන්න ඉතින් ඊයෙ දවසෙ, ඒ කිව්වේ 30ස් වෙනි සෙනසුරාද, මමයි මගේ ගැන්සියේ සෙට් එකයි ගියා Galleface එකට. වෙන මොනවටවත් නෙවෙයි X fighter jams බලන්න. එහි හවස හතරට විතර පටන්ගත්ත ෂෝ එක සෑහෙන ගති. මිනිස්සුත් මේක බලන්න සෑහෙන ඇවිත් හිටිය. ටිකට් රුපියල් සීයටයි පන්සීයටයි තමයි විකුනන්න තිබුනෙ.


සමහර විට කට්ටිය ටීවී එකේදි නම් ඔය මෝටර් බයිසිකල් උඩින් පන්නන සීන් එහෙම දැකලත් ඇති. ඒත් ඉතින් ඒව ඇස් දෙකෙන් අපට බලා ගන්න ලැබෙන්නෙ හුගක් කලාතුරකින්නේ? ඉතින් මේ මෝටර් සයිකල් කරනම් දාන්න ලංකාවට ඇවිල්ල හිටියෙ ලෝක ශූරයො හතර දෙනෙක්. ජයිල්ස්, නික්, රොකී සහ ඩැනියෙල්.





ඉතින් මේ අය හතර දෙනා එකතුවෙලා ඊයෙ පැය දෙකක ත්‍රිස්‍යජනක ජවනිකා කිහිපයක් ඉදිරිපත් කරල පෙන්නුව. ඉතින් දැන් මේව දැකල නැති කට්ටිය ඉන්නවනම් ඒ අයට බලන්න කියල මම පින්තූර ටික දානව. බෙල්ල කඩා ගන්න වගේ ආසාවක් තියෙනව නම් ගෙදරදි උත්සාහ කරල බැලුවට කමක් නැහැ කියල තමා එතන හිටිය announcer මහත්වරු නම් කිව්වෙ. ඒක නිසා ඔය මොටර් බයිසිකල් තියෙන මහත්වරු ටිකක් පරෙස්සමෙන් කරන දෙයක් කරන්න.

තව දෙයක් කියන්න තියෙනව. ඒ තමයි මේ වගේ දේවල් බලන්න ගියහම ඒ ප්‍රසංගය ඉදිරිපත් කරන අයව අපි දිරිමත් කරන්න ඕනෙ. එක විසිල් පාරක්, එක අත්පුඩියක් මේ වගේ මිනිස්සුන්ට සෑහෙන වටිනව. එවැනි පොඩි පොඩි දේවල් අපේ ප්‍රේකෂකයන්ගෙන් අඩුවෙන් දක්නට ලැබීම සෑහෙන අඩුපාඩුවක් කියල තමයි මට නම් එවෙලෙ හිතුනෙ. පහල තියෙන slide show එක full screen දාගෙන බැලුවනම් වඩා හොදයි.


දැනට ලංකාවෙ තියෙන සාමකාමී පරිසරයත් එක්ක මේවගේ ප්‍රසංග ඉදිරියෙදි තවත් සෑහෙන වැඩිවේවි. ඉතින් මට නම් හිතෙන්නෙ ඒක හොද ප්‍රවනතාවක්. ඔය අය මොකද ඒ ගැන හිතන්නෙ?

Living memory of Gamini

1991 ජුලි 10 වන බදාදා පන්දහසක් තරම් ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් අලිමංකඩ යුද හමුදා බල කොටුව වටකරන ලදී. හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව රයිෆල් කරුවෙකු ලෙස සිටි ගාමිණී සහ ඔහුගේ කණ්ඩායමට භාරව තිබුණේ ත්‍රස්තවාදීන් ඇතුළ්විය හැකි ස්ථාන ආරකෂා කිරීමයි. මේසේ දින කිහිපයක් ගෙවී ගිය තැන 1991 ජුලි 14වෙනි දින සනධ්‍යා කාලයේදී කදවුරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදුවිය.

මෙම සිදුවීම් මාලාව සිදුවී සුළු මොහොතකට පසු කැවැසුම් තහඩු වලින් වටකරන ලද යුද ටැංකියක් ආකාරයට සකස් කළ විශාල බුල්ඩෝසර් රථයක් කදවුර දිශාවට එනු සොල්දාදුවන් විසින් දක්නා ලදී. එය දුටු මොහොතේ සිට කදවුරේ තිබු සියලු අවි ඒ දෙසට යොමුව එදෙසට ප්‍රහාර එල්ල කරන්නට වූ නමුත් ඩෝසර් රථය නවතින්නේ නොවේ.

එවිටම ග්‍රෙනේඩ දෙකක් අතින් ගත් ලාන්ස්කෝප්රල් කුලරත්න ත්‍රස්තවාදීන්ගෙන් වෙඩිකමින් ඉදිරියට එන රථය දෙසට දිවගොස් රථයේ ඉණිමග නැග බෝම්බ දෙක එතුළට විසිකරන ලදී. තත්පර කිහිපයක් තුළදී විශාල ගිනිජාලා විහිදුවමින් ඩෝසරය පුපුරා ගියේ දින හතරක් පුරා පැවති බිහිසුණු සටනද නිමාවට පත් කරමිනි.

කෝප්රල් කුලරත්න නිසසලව වැතිර සිටියා.
කෝප්රල් ගාමිණී කුලරත්න (සැප්තැම්බර් 4, 1966 - ජුලි 14, 1991)  එහෙමත් නැත්නම් හසලක වීරයා. සොල්දාදුවෙකුට ලබාගත හැකි ඉහලම පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම්ලත් පුද්ගලයා වන්නේ ඔහුයි. සොහොයුරන් හතර දෙනෙකුගෙන් සහ එක් සොහොයුරියකගෙන් යුත් පවුලේ දෙවනියා ලෙස උපන් ගාමිණී කුලරත්න ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ හසලක ප්‍රේමදාස මධ්‍ය මහා විද්‍යාලයෙනි. කලක් මහියංගණයේ ධම්මජෝති හිමියන් ලෙස බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් වැඩසිටි එතුමා අරන්තලාව භිකෂු ඝාතනයේදී ජාතියේ වාසනාවට දිවි රැක ගති. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මෙම ම්ලේච්ඡ ක්‍රියාව දුටු පසු උන්වහන්සේ තම නායක හිමිපාණන් වහන්සේගෙන් සිවුරුහැරදා යන්නට අවසරගෙන 1987 අගෝස්තු 27 වෙනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැදුනේ ඔහුගේ පියාණන් වන එස්.ජී බබානිස් සහ මවුතුමිය වූ එස්.ජී. ජූලියට් මහත්මියගේ ආශීර්වාදයත් සමගිනි.

Sources : http://en.wikipedia.org/wiki/Hasalaka_Gamini
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL