Latest Entries »

තරුවක කතාව

පෘථිවිය:

සුන්දර තනි තරුවක් ඇත පායා
හිස් අහසක් එය මා වෙත කීවා
රැයකදි සීතල මදනල ගාවා
ඒ තනි තරුවට මේ ලෙස කීවා

තරුවක් කුමකට දැන් පෑයුවේ
දිදුලන අහසක ඇයි පෑයුවේ
හනිකට විපරම් කර බලමින්නේ
ඉතින් තරුවෙ නුඹෙ නම කුමකින්නේ

තරුව:

ෆා ය මගේ නම
තරුවක් නොවෙ මම
අහසේ දිදුලන
ඔබ හට සිතගිය

පෘථිවිය:

තරුවක් නොවෙනම්
එලියක් කොහින්ද
වෛවර්නෙන් නුඹ
දිලිසෙයි මා වෙත

තරුව:

වර්ණය මගෙ නොව ඔබගෙන් ගත්තෙමි
අදුරට මම තව ටිකකින් යන්නෙමි
කාලය මගෙ තව කෙටිය කියන්නෙමි
ඔබ හට සුසුමක් වී මම යන්නෙමි

පෘථිවිය:

දිදුලන තරු වැල් බොහො පවතින්නේ
නුඹගේ එනමුදු වෙනසකි ඇත්තේ
කියන් තරුවේ නුඹ කොයි සිට ආවේ
ඇයි තරුවේ නුඹ ආපසු යන්නේ

තරුව:

වල්ගා තරුවකි එක තැන නොහිදිමි
ඔබගේ සිරුරෙන් උනුසුම් වන්නෙමි
නැවතත් මිදිලා හැරදා යන්නෙමි
නුඹේ සොදුරු සිත හදුනා ගත්තෙමි

ආඩම්බරකාරී දන ගසයි




දෙන්නෙම නෑ යයි කෙතරම් කීවත්
සිතන්නෙ නෑ යයි කෙතරම් සිතුවත්
අද මට දැනුනා යම් කසි වෙනසක්
බොරුකාරී මට දනනැමු විලසක්

Stop thinking that you are not thinking
It will make you think and think again...
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL