Latest Entries »

සටන



කරදර සතුටක්ය
සටන මට හුරුය
ඔබ නිසා මේ සටන
නොනවතින මෙහෙයුමක
 

One Man's Enemy
Another Man's Patriot

හරි තදයි



වියතුන් මැද ජීවිතේ
කෙලෙස ගත කරමි පාඩුවේ
ඇද බාති දර්ශනේ
නොතේරේ මට කිසි දිනේ

ජීවිතේ එක් තත්පරයක්
සංසාරෙ එක් කල්පයක්
කියයි උන් මේ ලෙසක්
තේරුම් ගනින් ඇත්නම් හිසක්

අනේ මෙහෙමත් වාදයක්
කියන්නේ මුන් භාගයක්
ඔබ හරිය මට වැරදුනත්
මම දුන්න ප්‍රහාරයක්

උඔ නම් කොල්ලො අති පණ්ඩිතයි
නුඔට තේරුමක් නැති හැඩයි
කෙතරම් කිව්වත් හිත තදයි
අරිනු මනස එය සුභයි

සමහරුන් තමන්ගේ මතය අනුන්ට එබ්බ වීමට බොහෝ උත්සාහ කරයි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ක්‍රමය මෙලොව ඇති එකම ක්‍රමය බවයි. වෙනසක් සිදු කිරීමට ඉඩ නොදෙයි, වෙනස් වීමටද හරි බයයි. 

Do You Know 
That 
Your Way 
Is Not The Only Way

Above picture was taken form the website anamise

Rap කවිය



ඉකි ගසමින් හඩන
පිස්සුවකින් පෙලෙන
උමතු කොල්ලෙකු දුටුවෙද

චින්තනය උපරිමයි
මෝඩකම අනන්තයි
පැහැදිලි කමක් නැති හැඩයි
ඔහු පවසන වදන් ඔහුම නොදනියි

කවි ලියන්නේ කුමකටද
අනුන්ට නොතේරෙන තමන්ටම පමනද
කියා සිතුනා උමතු කොල්ලට
නොතෙරේ අන් කියවන අයටද

විදවයි ඔහු
පැරදියි ඔහු
කුමකින් වැරදුනු
නොදනියි ඔහු දේදුනු

අර්තවත් කවි පදයක්
සොය සොයා වෙහෙසෙත්
දැන් දැන් මහන්සියි ලියලත්
සිතට නොතේරේ වෙහෙසක්

අද නම් පුදුම දිනයකි
කවිම ලියවුනි
උදෙන් පටන් ගති
දැනටම තුනක් ලිව්වෙමි

කවුරුද මේ කවි ලියනා පිස්සා
සොයල බලනා ඔහෙලා
ලියු rap කවිය කියෝලා
සිනා සෙන්නකො මන්මත් වීලා


අද කාලයේ හැම දෙයකම් rap වී යන නිසා මටත් rap කවියක් ලියන්න හිතුනා. Rap කවි ලිවීම හරිම පහසුයි. මොකද ඒව කාටවත් තේරෙන්නෙ නැහැනෙ. ඇත්තටම rap සිංදු වගේ.

ආදරය, සිහිනය, හැරයාම



යට විය ආලය අළුගොඩේ
ඔබ පමනයි මගෙ ජීවිතේ
දුටුවෙමි ඔබෙ බොරු දාගරේ
හිදිනෙමි මම තව ගිනි ගොඩේ

කරනට මම තව ආදරේ
බලනෙමි ඔබ කොයි දිවයිනේ
විදිනට ඒ පෙම ජීවිතේ
කැමතිය මම තව මීවිතේ

දුටුවත් මම බොහො වතු සුදුමල්
ඔබ මෙන් එකකද නැත සුවදක්
ඔබගේ මුවගේ ඇති හසරැල්
තවමත් මතකය ඒ හුරතල්

දැන්වත් කරනට ආදරේ
එක්වෙමු අප දෙන ජීවිතේ
දුටුවන් මන බැදි ආදරේ
කරමුද නැවතත් ප්‍රේමියේ

සිහිනෙන් ඔබ අද පැමිණියා
මොහොතක් ඔබ අද මගෙ උනා
ඔබ හා මා අද කතා කළා
සිහිනෙන් වත් නුඔ මගේ වුනා

කොල්ලෙක්. ඔහු හිතින් කෙල්ලෙකුට ප්‍රේම කරයි. ඇය ගැන සොයා බලයි, දුක් වෙයි. නමුත් පසුව ඔහු ඇයට පෙම්වතෙක් ඇති බව දැන ගනී. ඔහුගේ ලෝකය දැවී යයි. කුමක් කරන්නද මේ තමයි ජීවිතේ හැටි. ඔහුට තවමත් ඇය ගැන සිතීම නතර කළ නොහැක. කාලය විසින් ඔහු කෙරෙන් ඇයව අමතක කරවනු ඇත.

Lost Love 
Will Be
Replaced By
New Love

Above picture was taken form the website Photobucket

වෙනස




රුදුරු සිත
නිසල විය
දුටිමි මම
නුඔ එදා

පහන් විය
මගේ දිවි මග
සිතුනි ඔබ
මගෙ කියා

නමුත් නුඹෙ සිත
හැරුනි  වෙනතක
දැන දැනත් ඔබ මගෙ කියා

සිතේ සතුටක්
ඉතිරි කර නුඔ
මගේ මනසින් හැර ගියා


තමන් ආදරය කළ තමන් පෙම්වතිය හැර ගියත් ඒ ගැන අංශුමාත්‍රයකින් වත් පසු නොතැවෙන පෙම්වෙතක්.

පෙමිවතිය පෙම්වතා ගැන තැකීමක් නොකරයි නම් ඒක පාර්ශවීය ආලෙයන් පලක් කුමකටද?

ඔහු එම ආලයෙන් නිදහස් වීම සතුටක් ලෙස දකියි.

එය වගකීමකින් මිදීමක් බව ඔහු හදුනා ගනියි.

ඇත්තටම ආලය කිරීම යනු තවත් කෙනෙකු පිළිබද වගකීමක් දරන්නට සිදුවීමම නොවෙද ?

ඔහු අපට පාඩමක් කියා දෙයි. එය නම්,

ආලය කරන්නා තමන් ගැන මෙන්ම අනුන් ගැනද සිතනා, වගකීම් දැරිය හුකි පුද්ගලෙයකු විය යුතු බවයි.

පිරිමියෙකු ගැහැනියකගේ ගැහැණුකම මෙන්ම ගැහැනියද පිරිමියාගේ පිරිමිකම තේරුම් ගත යුතුය.


Find A Person
Who Can Love You
And
Take Care Of You
So Responsibly

This picture was taken form the blog Clopi

ප්‍රෂ්ණ........?

අඩන්නට හිතුනත් අඩන්නට බැරි
කියන්නට හිතුනත් කියන්නට බැරි
හිතේම පැවතී කුණුවවෙලා ඇති
ප්‍රෂ්ණයකට ඇති විසදුම කුම සකි

මේ ආකාරයේ විසදුමක් නැති ප්‍රෂ්ණ ඔබේ සිත් තුල බොහෝ ඇතුවා නිසැකය. කිමද මේ කාල අවකාශයේ ඉපිදී ඇති අපට විවිධ ප්‍රමාණ වලින් ප්‍රෂ්ණ ඇති බැවිනි. ඒවාට විසදුම්ද විවිධ ආකාරය. සමහර විට මෙය කියවන ඔබටද මහ මෙරක් වැනි ඉතාමත් වේදනා බර ප්‍රෂ්ණ තිබිය හැක. එසේ නම් එවැනි ප්‍රෂ්ණයකට ඔබ විසන් යෝජනා කරන විසදුම කුමක්ද?

ඔබට ඇති ඕනෑම ප්‍රෂ්ණයක් නිර්ණාමිකව මෙහි ලියා හිතේ බර සැහැල්ලු කර ගන්න. සමහර විටක එයට විසදුමක් මෙය කියවන කව්රුන් ලග හෝ තිබිය හැක.
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL