Latest Entries »

උඹට සුභ අනාගතයක් චන්දිමාල්

ඇත්තටම කවුද මේ චන්දිමාල්. අර එහා ‍ගෙදර මල්ලිද නෑ.... කොහෙද පිස්සුද අර අල්ලපු ගෙදර අංකල් නේද, හපෝ නැහැ, මේ චන්දිමාල් කිව්වේ අපේ රටේ අළුත්ම අළුත් ක්‍රිකට් තරුවටයි.
අද අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන තරුවක් වන දිනේෂ් චන්දිමාල් ගැන මම දන්නා ප්‍රමාණයෙන් ටිකක් සදහන් කිරීමට කැමැත්තෙමි.
අපේ අම්බලන්ගොඩ කොල්ලන්ට නම් ඉතින් ඔහුගේ නම දිනේෂ්, හැබැයි අද වන විට ලංකාවේ හුගක් ‍ක්‍රිකට් රසිකයන්ට නම් ඔහුගේ නම චන්දිමාල්. මා ඔහු ඇසුරු කර නැතත් මෙහිදී මා පවසා සිටිය යුතු කරුණු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන වන්නේ දක්ෂතාව හා වාසනාව යන්නයි.
මා පෙර සදහන් කළ පරිදි ඔහු මා පාසල් කරන කළ අපේ විද්‍යාලයේම මා වියේ පසුවූ සමකාලීන සිසුවෙකි. පසුව ඔහු මගේ මතකය නිවැරදිවේ නම් මා දහය වසරේදී හෝ එකොලහ වසරේදී ක්‍රිකට් පිළිබදව දැක්වු අති විශිෂ්ට කුසලතාව හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව ලැබුනි.
මා මගේ පංතියේ මිතුරෙකුගෙන් ඔහුගේ ඉතිහාසය පිළිබදව දැන ගතිමි. ඉතා දුප්පත් පවුල් පසුබිමක් ඔහුට තිබූ බව මා දැන් පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි ඊටත් වඩා ක්‍රිකට් වලට අපේ රටේ කොතැනකින් හෝ කිසිදු තරාතිරමකින් තොරව දක්ෂයා ආදේෂ වන බව පැවසීමටයි.
ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භයත් මහ පුදුම කතාවකි. එය උදාවූයේ කල්‍යාන මිත්‍ර ආශ්‍රය නිසා යයි මම සිතමි. එසේ මා පවසන්නේ මා හට මේ විස්තරය පැවසු මගේ යහළුවෙකු නිසයි. මගේ මිතුරා ද එදා ක්‍රිකට් පිටියේ සිටියා නම් අද වන විට චන්දිමාල් මෙන්ම ඔහුද ජාතික තලයේ වැජබෙන ක්‍රිකට් තරුවක් වන බව මා විශ්වාස කරනා නිසයි. අද වන විට මා මිතුරා විශ්ව විද්‍යාලයේය, ඔහුගේ මිතුරා චන්දිමාල් අද ලංකාවටම ආඩම්බරයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේය.
ඉතින් මට දිනේෂ් ගැන විස්තර පැවසු පෙර සදහන් කළ යහළුවා කුඩා කළ දිනක අපේ ගම් ප්‍රදේෂය‍ට ඉතාමත්ම සමීප “වැල්ල”, පෑගීමට “තනිවම” ගොස් සිටි අවස්ථාවක චන්දිමාල් ද වැල්ලේ බෝල ගසමින් සිට ඇත. මගේ යහළුවා එවිට අප පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි කාල වකවානුවකි. දිනේෂ් වැල්ලේ බෝල සෙල්ලම් කරමින් සිටිනා දුටු මා මිතුරා “යමං බං ක්‍රිකට් ගහන්නැයි” කියා ඔහු ඇදගෙන එදා අප පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරන්නට එක් කරගෙන ගොස් ඇත. එදා නම් ඔහු අනාගතයේ තමා දිදුලන ක්‍රිකට් තරුවක් වේ යයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අද ඔහු නතර වී සිටින්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහිය.
මට මේ ලිපිය ලිවීමට සිත්වූයේ අද දින ලංකාදීප පුවත්පතේ පලවූ “ලෝක කුසලාන සංචිතයේ පිතිකරුවන් 9 දෙනෙකු සංගක්කාර හදුනා ගනී” යන සිරස්තලය යටතේ පලවූ ලිපිය තුල දිනේෂ්ගේ නම ද ඇතුලත්ව තිබෙනු දුටු විටය.
මීට අමතරව අද දින අප ක්‍රිකට් සංචිතයේ විශිෂ්ටයන් අතර සිටින උපුල් තරංග ද එවන් එක් අපේ ගම් ප්‍රදේෂයෙන් කරලියට පැමිණි කෙනෙකි.
මෙහිදී දිනේෂ් චන්දිමාල් ගැන වැඩිදුරටත් දෙයක් කියන්නට තිබෙනවානම් කියන්න තිබෙන්නේ, “ඔහු” අද දින අපේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකත්වයට පවා සුදුසුකම් සපුරා තිබේ යන්නයි.
ඉතින් දිනේෂ් උඹට සුභ අනාගතයක්.

ඒ කාලේ අපි මේ කාලේ

අගෝස්තුව කිව්වාම සමවයෙස් අපි හැම දෙනාටම ඇග කිළිපොලා යන මාසයක් වන බැව් නම් සැබෑව. ඒ අගෝස්තු මාසය සැබෑම විභාග මාසයක් වීමය.
මේ දින වල මම අධ්‍යාපනය ලබන ආයතනයේද අප උගෙනගත් විෂයයන් සදහා විභාග පවත්වයි.
ඉතින් විභාග ගැන කථාකරන විට අපගේ මතකයට නිතැතින්ම නැගෙන්නේ ලෙවල් වර්ග දෙකකි. නමුත් අප සමවයසේ බොහෝ දෙනෙකුට අමතකව තිබෙන ශිෂයත්වය පැවැත්වුනේද මේ වාසනාවන්ත මාසය තුලදී බැව් ඊයේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹු මට සිහිපත් විය.අපේ ජීවිත හොදින් හෝ නරකින් විභාග සමත් කරවා ඇත. නමුත් සැමටම සමාර්තයක් ලැබී ඇත.
අපගේ ජීවිත මේ විභාග දෙකෙන් පසු හැරුනාවූ දිෂාව වර්තමානයේ අප අත් විදිමින් සිටින්නෙමු. ඒ කාලේ සිටි අපේ මිතුරන්ගේ, දැන් සිටිනා අප මිතුරන්ගේ, පුද්ගලිකව අපගේ, ජීවිත අංෂක 180 ක කෝණයකින් හැරවීමට මේ කියන විභාග සමත් වී ඇති බව නම් සැබෑය.
මා ඉගෙනුම ලබන ආයතනයේ අප සදහා පැවැත්වු වාර විභාගය නම් අද දින නිමා විය. මාගේ එක් මිතුරෙකුට අනුව නම් එක විෂයක් නිම වීම "ඩිංගිත්තක්" නිවන් දැකීමකට සමානය.

ඇත්තටම මොනවද මේ අපට එපා කරවපු විභාග?

ඔබ දැන් හිතන විදියට ඒ කාලේ විභාගයකට මුහුන දෙන්න තිබුනෙ කොහොමද?

මහ ලොකු විභාග නිමකළ “ඔබට” ඒ නිම කළ විභාග ගැන දැන් දැනෙන්නෙ කොහොමද?

ආයෙමත් එහෙම විභාගයකට උත්තර ලියන්න කිව්වොත් උත්තර ලියනවද?

වඩාත්ම භයානකම විභාෙග් ඔබට අනුව ෙමාකක්ද?

මෙහිදී මා ගිය වසෙර් ඒ මාහා ඒ ලෙවල් විභාගයට ලියූ හැටි සිහිපත් වේ.ඇත්ත වශයෙන්ම මේ මාසය ගිය අවුරුද්දේ වගේම පිරී පැවතුනේ විභාග විලින්ම පමණක් නොවේ.ක්‍රිකට් වලින්ද අඩුවක් පාඩුවක් නැතිවම පිරී පැවතුනි.
ඉතින් කොල්ලෙකුගෙ චිත්ත සන්තානය ඒ වෙතද ඇදීයාම මොහොතකටවත් අමතක කළ නොහැක. ඉතින් ඒ ගැන අප දෙමාපියන්නම් තේරුම් ගත්තා නොවේ.
නමුත් ඉතින් අද වන විට මා ඇතුළු මෙය කියවන මගේ බොහෝ මිතුරු මිතුරියන්ට මොකක්දෝ විච්ඡුර්ණ ආ‍ලෝකය විහිදුවන පෙට්ටියක් ඉදිරිෙය් කොදු ඇට පෙල කඩාගෙන වැඩ කිරීමට නම් සිදුවී ඇත.

අහෝ මෙසේ ගොනුන්සේ වැඩ කිරීමට සිදුවූයේ විභාග නිසා ලැබුන කර්ම ඵලයක් පඪිසන් දීමෙන්වත්ද?

මේ දේවල් ගැන අප නොදුටු තවත් පැත්තක් තියෙනවද?

ඒ මොනවාද?

අප පසු කළ විභාග පිළිබද ඔබට දැන් දැනෙන අදහස් කවෙර්ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.සමහර විටක මේ ගැන අදහස් දැක්වීමට බොහෝ දෙනා ඇගිලි ගනිමින් සිටියා විය හැකිය. සමහර විට ‍මේ පිළිබද‍ව විවෘත්තව අදහස් දැක්වීමට ස්ථානයක් නොතිබුනා විය හැකිය. එයත් එසේ වීම් නම් මා විසින් අප සිංහල බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට විභාග ගැන කතිකාවතක් ආරම්භ කළෙමි.මෙය ඉදිරියට පවත්වාගෙනයාම අප සැමගේ වගකීමයි.ඔබගේ මතය ලියා දැක්වීමට පසුබට නොවන්න. සමහර විටක ඔබගේ අදහස් තවත් වෙනත් දිශාවක කතිකාවතක් ආරම්භ කිරීමට තරම් උත්පේ‍රරකයක් විය හැකිය.

මෙය වැඩිහිටියන්ගෙන්ද ඔවුන්‍ගේ මතය විමසීමට අවස්ථාවක් කර ගනිමි.

ඔබ සිතන විදිහට ඔබගේ දුව හෝ පුතා විභාගයට හොදින් මුහුණ නොදීමට හේතු වුනේ කුමක්ද?

සමහර විට බොහෝ දෙනෙකුට පුද්ගලිකව කරුණු කාරණා මීට බොහෝ කලකට පෙර දැනී ඇතුවා විය හැකිය. සමහර විටක එම මතය ඔබ විසින් තවත් කෙනෙකුට නොපැවසුවා ව්ය හැකිය, එවන් වූ අදහසක් ඇත්නම් "කෙමන්ටුවක්" දමා අන් අයත් සමග බෙදා හදා ගැනීමට මෙය හොද අවස්ථාවක් කර ගන්න. ‍මේ ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි.

මගේ කාලය ආරම්භ වූ වගයි.

මම නමින් හිෂාන් මෙලංග. දකුණු පැත්තෙ විස්තර කරල තියෙන පරිදි මම තවම අධ්‍යාපනය ලබනව. මීට පෙර බ්ලොග් අඩවි කිහිපයක් මා සකස් කර තිබුනත් මගේම නමින් බ්ලොග් අඩවියක් නොතිබීම ගැන මා සිතා බැලුවා. එහි ප්‍රථිපලයක් වෂයෙනුයි "මගේ කාලය" අද පටන් ගත්තෙ. ඉතින් මේ බ්ලොග් එකෙන් මාත් එක්ක කථා කරන්න කැමති අය "කමෙන්ට්" එකක් එහෙම දාල බලන්න.
මම මේ බ්ලොග් අඩවිය හරහා මගේ ජීවිතේ ගැන, මගේ අත්දැකීම් ගැන, මගේ වටපිටාව ගැන ඔක්කොටම වඩා "මගේ කාලය" ගැන ලියන්න බලාපොරත්තු වෙනව.
සිංහලෙන් බ්ලොග් ලිවීම දැන් අන්තර්ජාලයේ අළුත් දෙයක් නොවුනත්, මමත් එක්ක "මගේ කාලය" බෙදාහදා ගන්න ඔය අයට නම් අළුත් අත්දැකීමක් වේවි.
ජීවිතය ගෙවෙන හැටි රස විදිමු, මිතුරන් ගොඩනගා ගනිමු, මගේ කාලය අත්විදිමු.
මෙය කියවන ඔබ හට මගේ ආචාරය.
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL